ලාංකික සම්භවයක් සහිත සිංගප්පුරු නව ජනපති.

By Hashini Sep 02, 2023 08:35 AM GMT
Report

 ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙකු වන 66 හැවිරිදි ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී තිබෙනවා.

හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු ලෙසද ඔහු සේවය කර තිබෙනවා.

වසර 10 කට පමණ පසුව සිංගප්පූරුවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් සියයට 70.4 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ධර්මන් ෂන්මුගරත්නම් මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා.

ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමග එරට මැතිවරණ කොමිසම ඊයේ (01) ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

සිංගප්පූරු පාලක පක්ෂයේ ප්‍රධානියෙකු වූ ධර්මන් ෂන්මුගරත්නම් මහතා ජනාධිපතිවරණයට පෙර පක්ෂයෙන් සහ රජයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ධර්මන් ෂන්මුගරත්නම් මහතාගේ පියා වූ මහාචාර්ය කනගරත්නම් ෂන්මුගරත්නම් මහතා ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් සහිත පුද්ගලයෙකි.

ෂන්මුගරත්නම් 2011 වසරේ සිට 2019 වසර දක්වා සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර, මුදල් සහ අධ්‍යාපන අමාත්‍ය ධුර ද දරා තිබෙනවා.