කටුනායක ගුවන්තොටුපළ අහසේ කුරුල්ලන් එළවන්ඩ ගිහින්.. එතන නොහිතපු ඇබැද්දියක් වෙලා..

Bandaranaike International Airport Hospitals in Sri Lanka Fire Latest Headlines Decision Making
By krishani Jan 20, 2025 11:12 AM GMT
krishani

krishani

Report

අද (20) දහවල් කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂි රංචුවක් පියාසර කර තිබෙනවා.

ඒ හේතුවෙන් ගුවන්තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනෙකු කැබ් රථයක් මගින් ගුවන් ධාවන පථය අසළට ගොස් තිබෙනවා.

ඒ ගුවන් ගමන් වලට බාධා සිදුවිය හැකි බැවින් එම පක්ෂි රංචුව පළවා හැරීමට ය.

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

රාජ්‍ය සේවකයින්ගේ දැවෙන ප්‍රශ්න කිහිපයක් වහා විසඳෙයි?. ඉදිරි දිනවල වෙන දෙය මෙන්න..

රාජ්‍ය සේවකයින්ගේ දැවෙන ප්‍රශ්න කිහිපයක් වහා විසඳෙයි?. ඉදිරි දිනවල වෙන දෙය මෙන්න..

ඒ සදහා ඔවුන් විසින් අහස් කූරු වැනි පුපුරන ද්‍රව්‍ය අඩංගු වෙඩි ප්‍රහාරයක‍් එම පක්ෂි රංචුව දෙසට එල්ල කර තිබෙනවා.

එහිදී එම වෙඩිල්ල පීපීරි ගොස් නොමැති අතර එම නිලධාරීන් ගමන් කළ කැබ් රථය මතට ඇද වැටී ඇත.

එමෙන්ම, එම රථය තුළ ද එවැනි පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් තිබී ඇත.

එම පුපුරන ද්‍රව්‍ය ද එහිදී එකවරම පිපිරීමට ලක් ව ඇති අතර හදිසි ගින්නක් ඇති ව ඇත.

එහිහි වහාම කටුනායක ගුවන්තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් විසින් ගිනි ගැනීම මැඩ පවත්වා ඇත.

කෙසේ වෙතත්, එම අනතුරින්  නිලධාරීන් තිදෙනකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් ප්‍රතිකාර සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සදහන් වේ.

You May Like This Video👇 

ReeCha