බයිට් ඉල්ලා කඩයට ආ පිරිසගේ පිහි ඇනුමෙන් කඩහිමියා අවසන් ගමන් යයි
චුන්නාකම් පොලිස් වසමට අයත් නැගෙනහිර එලලෙයි ප්‍රදේශයේ වාණිජ ආයතනයක ඇති වූ වාග් ගැටුමකින් පසු පිහියෙන් ඇනීමෙන් වෙළඳසැල් හිමියෙකු මියගොස් තිබේ.
එසලෙයි හි නැගෙනහිර කොටසේ පිහිටි කඩයකට මික්සර් එකක් ඉල්ලා බීමතින් සිටි තරුණයන් දෙදෙනෙක් පැමිණ තිබේ. එහිදී කඩේ හිමියා මික්සර් එකට සල්ලි ඉල්ලපු වෙලාවේ, මික්සර් එක ගන්න ආපු අය සහ කඩේ හිමියා අතර බහින්බස් වීමක් ඇති වී තිබේ.
මේ අවස්ථාවේදී, මික්සර් එකක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් විසින් වෙළඳසැල් හිමිකරුට පහර දී තිබේ. පහරදීමෙන් කඩේ හිමිකරු එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
එලෙස මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයා එසලෙයි නැගෙනහිර පදිංචි 35 හැවිරිදි සිංගාරවේල් තනාවන් ලෙස හඳුනාගෙන ඇත.
මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට තෙල්ලිපල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.