ගිගුරුම් සහිත වැසි සමග වායුගෝලයේ කැලඹිලි තත්වයක්
2025 ඔක්තෝම්බර් මස 05 සඳහා කාලගුණ අනාවැකිය
අද දින සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතී.
එබැවින් ඒ සමඟ ඇති විය හැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනු ලැබේ.
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තද වැසි ඇති විය හැක.