ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක්
By R.rishma
ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (05) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.
පොලිසිය පවසන පරිදි, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
මෙම සිදුවීමෙන් නිවසේ සිටි කිසිවෙකුට හානි සිදුවී නොමැති වුවත්, නිවසේ ජනේලයක් බිඳී ගොස් ඇති බව වාර්තා වේ.
වෙඩි තැබීමට හේතුව තවමත් හඳුනාගෙන නැති අතර, ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු පොලිසියට ලබාදීමට එරෙහිව මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරයි.
ඇල්පිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.