රජය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා

Report

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රජය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. එහෙත්, මෙම ව්‍යාපෘති හේතුවෙන් ජනතාවට ඇතිවන ගැටලු මානුෂිකව සලකා බලා විසඳුම් ලබාදීමට රජය සියලු පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල, හියාර ප්‍රදේශයේ ඉදිකරන ලද මෙගාවෝට් 05ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට අද (04) එක්වෙමිනි.

කජ්ජගේ බිරිඳගේ ගිණුමට සල්ලි දාපු කතාව ඇත්ත - කජ්ජා ඝාතනය කරපු හේතුව බැකෝ සමන් පාපොච්චාරණය කරයි

කජ්ජගේ බිරිඳගේ ගිණුමට සල්ලි දාපු කතාව ඇත්ත - කජ්ජා ඝාතනය කරපු හේතුව බැකෝ සමන් පාපොච්චාරණය කරයි

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ජයකොඩි මහතා සඳහන් කළේ, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ජාතික අවශ්‍යතාවක් මෙන්ම රජයේ ජාතික වැඩපිළිවෙළේ කොටසක් බවත්, එය සියලුදෙනා විසින් වටහාගත යුතු බවත්ය. “පුනර්ජනනීය බලශක්තිය හරහා රටේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමත්, තිරසාර බලශක්ති ඉලක්ක සපුරා ගැනීමත් අපේ ප්‍රමුඛතාවයකි,” යනුවෙන් ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගතකරණය ගැනද සඳහන් කළේය. “විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය සහතික කිරීම රජයේ ප්‍රතිපත්තියකි. සේවකයින්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආරක්ෂා කරමින්, වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ සාකච්ඡා කරමින්, විවෘතව හා සද්භාවයෙන් එම වැඩපිළිවෙළ අපි දියත් කර තිබෙනවා. රටේ බලශක්ති ක්ෂේත්‍රයේ අරමුණු ජය ගැනීමට නම් මෙම ප්‍රතිව්‍යුහගතකරණය අත්‍යවශ්‍යයි. ඒ නිසා එයත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා,” යනුවෙන් ඔහු පැවසීය.

තජුඩීන් ඝාතනයට පෙර ඔහුගේ රථය පසුපස ගිය රථයේ 'කජ්ජා' සිටි බව තහවුරුයි - CID

තජුඩීන් ඝාතනයට පෙර ඔහුගේ රථය පසුපස ගිය රථයේ 'කජ්ජා' සිටි බව තහවුරුයි - CID

හියාරේදී විවෘත කරන ලද මෙගාවෝට් 05ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති ඉලක්ක සපුරාලීමේ තවත් පියවරකි. මෙම ව්‍යාපෘතිය මගින් දකුණු පළාතේ විදුලි ඉල්ලුම තරමක් සපුරාලමින්, පිරිවැය අඩු බලශක්ති විසඳුමක් ලබාදීමට අපේක්ෂිතය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හේතුවෙන් ජනතාවට ඇතිවන ගැටලු, විශේෂයෙන් ඉඩම් භාවිතය හෝ පරිසර ගැටලු, මානුෂිකව සලකා බලා විසඳුම් ලබාදීමට රජය කැපවී සිටින බවයි. “ජනතාවගේ යහපත අපේ ප්‍රමුඛතාවයයි. ඒ නිසා එම ගැටලු විසඳීමට සියලු උත්සාහයන් ගන්නවා,” යනුවෙන් ඔහු පැවසීය.

රජය ‘අස්වැසුම’ අහෝසි කිරීමට සැලසුමක් - විපක්ෂ නායක කියයි

රජය ‘අස්වැසුම’ අහෝසි කිරීමට සැලසුමක් - විපක්ෂ නායක කියයි