බැකෝ සමන්ගේ මස්සිනා කුඩු සමග මාට්ටු
ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර සිටි බැකෝ සමන් යන අයගේ මස්සිනා රුපියල් ලක්ෂ 60 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක්, රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සහ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමඟ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් ,එම මැගසිනයක් සහ ජිව උණ්ඩ එකක් සහ හොරයින් මත්කුඩු ග්‍රෑම් 577 ක් රුපියල් 505,000/= ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් මේකේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෑලියගොඩ කැලණිය බියගම මාර්ගයේදී මෝටර් රථයකින් යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 27 මිලිගෑම් 810 ක් මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට අනාවරණය වූ රුපියල් 505,000/ ක මුදලක්ද සොයා ගැනීමට හැකි වී ඇත.