කියවන්න එපා තාජුඩින්ගේ පරීක්ෂණ අවසන් කරන්න - නාමල් රාජපක්ෂ

Report

මේ දිනවල බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි යළි කරළියට ආ වසීම් තාජු ඩීන්ගේ මරණය. ඔහුගේ මරණය රිය අනතුරක් නිසා සිදුවූ බව තීරණය කරත් කීප අවස්ථාවකදීම සිදු කෙරූ පරීක්ෂණ වාර්තා නිවැරදි නොවන බවට තාජුඩීන්ගේ පාර්ශවයෙන්ම චෝදනා එල්ල විය.

ඒ අනුව විවිධ මාතෘකා ඔස්සේ පරීක්ෂණ සිදු කරන විට ඉන්දුනීසියාවෙන් මේ රටට රැගෙන ආ බැකෝ සමන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමකදී නැවතත් මේ සිදුවීම පිළිබඳ වැදගත් කරුණු රැසක් මතුවී තිබේ.

ඒ අනුව මියගිය කජ්ජා නමැති පුද්ගලයා මෙම ඝාතනයට සම්බන්ධ බවට යම්කිසි අනාවරණයක් බැකෝ සමන් සිදු කර තිබේ. ඒ අනුව යළි කතාබහට ලක්වූ තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මෙවන විට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ද සෘජුව චෝදනා එල්ල කිරීමට බොහෝ පාර්ශව ඉදිරිපත් වී තිබේ.

මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ සිදු කර තිබුණේ පහත ආකාරයේ ප්‍රකාශයකි.

කජ්ජගේ බිරිඳගේ ගිණුමට සල්ලි දාපු කතාව ඇත්ත - කජ්ජා ඝාතනය කරපු හේතුව බැකෝ සමන් පාපොච්චාරණය කරයි

කජ්ජගේ බිරිඳගේ ගිණුමට සල්ලි දාපු කතාව ඇත්ත - කජ්ජා ඝාතනය කරපු හේතුව බැකෝ සමන් පාපොච්චාරණය කරයි

"ඔව් පරීක්ෂණ කරන්න අවශ්‍යයි.මේ අය හැමදාම කිය කිය ඉන්නේ නැතුව තාජුඩින් ඝාතන පරීක්ෂණ අවසන් කරන්න ඕනෑ. දේශපාලන වාසියක් ගන්න ආණ්ඩුව එය පාවිච්චි කරනවා නම් වැරදියි, නමුත් සත්භාවයෙන් ඒ ගැන හොයනවා නම් ඒක හොඳයි. මම දැක්කා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ ගැන මාධ්‍යයට කරුණු දක්වනවා.ඒ කරුණු දැක්වීම කරන්නේ මාධ්‍යයට. ඇයි උසාවියේ දක්වන්න අවශ්‍ය කරුණු මාධ්‍යයට දක්වන්නේ.

වසීම් තාජුදීන්ව මැරුවේ කජ්ජා නෙමෙයි ද? මේවට දේශපාලකයින් සම්බන්ධ නැහැ - බැකෝ සමන් වමාරයි

වසීම් තාජුදීන්ව මැරුවේ කජ්ජා නෙමෙයි ද? මේවට දේශපාලකයින් සම්බන්ධ නැහැ - බැකෝ සමන් වමාරයි

ඒක කරන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාවට සහ සන්දර්ශනයට නේ. මේ ආණ්ඩුව විසින් අධිකරණ පද්ධතියට බලපෑම් කරනවා කියලා පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ප්‍රකාශ කළා. සංවිධානාත්මක අපරාධයක් වෙලා තිබෙනවා නම් පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක දේශපාලන වාසි ගන්න ගිහිල්ලා පරීක්ෂණ කටයුතු ගැන අපරාධකරුවන්ට දැනුම් දීමක් වගේ කරන්නේ. මේ කරුණු අධිකරණයට වාර්තා කරලා පරීක්ෂණ කටයුතු කරන්නයි අවශ්‍ය වෙන්නේ.මේ අයගේ නොදන්නකමයි මේකෙන් පේන්නේ පොලීසියත් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයටයි වැඩ කරන්නේ"

තජුඩීන් ඝාතනයට පෙර ඔහුගේ රථය පසුපස ගිය රථයේ 'කජ්ජා' සිටි බව තහවුරුයි - CID

තජුඩීන් ඝාතනයට පෙර ඔහුගේ රථය පසුපස ගිය රථයේ 'කජ්ජා' සිටි බව තහවුරුයි - CID