ලබන 16න් පස්සෙ රටට මොකද වෙන්නෙ..යුධ හමුදාපති කියන දේ..

Corona Shavendra Silva Sri Lanka Lock down
By Aruna Oct 03, 2021 03:45 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් පාලනයට හඳුන්වාදී ඇති විවිධ නීති හා සීමාවන් ලබන ඔක්තෝබර් 16 වැනිදායින් පසු තවදුරටත් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

ජනතාව සෞඛ්‍යය නීතිවලට අනුගතව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් සංවර ලෙස කටයුතු කළහොත් රටෙන් කොවිඩ් රෝගය නොවැම්බර් දෙසැම්බර් වනවිට තුරන් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයිද යුද හමුදාපතිවරයා කීවේය.

මේ අතර පොදු ස්ථානවලට ඇතුළුවීමේදී කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සදහන් වන කාඩ්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ තීරණය තවදුරටත් ප්‍රමාද විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඉකුත්දා ප්‍රකාශ කෙරුණේ ඉකුත් සැප්තැම්බර් 15 වනදා සිට අදාළ ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට වන කාඩ්පත ඉදිරිපත් කළයුතුයි.

එහෙත් එවැනි නීතියක් එකවර ක්‍රියාත්මක කළ නොහැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha