21 දක්වා රට වසන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි.. හමුදාපතිගේ තීරණය මෙන්න.(VIDEO)

Shavendra Silva Sri Lanka Healthy Isolating
By Aruna Jun 09, 2021 04:54 AM GMT
Aruna

Aruna

Report

එළඹෙන 14 වන දා රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් විසින් රට තුළ බරපතළ තත්ත්වයක් ඇති නොවන්නේ යැයි තහවුරු කළහොත් පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදු කරන බවද පැවසූ හමුදාපතිවරයා රට විවෘත කිරීමට පෙර කොරෝනා ව්‍යාප්තිය ගැන පුළුල් විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ යුතු බවද කියා සිටියේය.

දැනට පවතින සංචරණ සීමා එළඹෙන 14 වැනිදා ලිහිල් කිරීමට නියමිත වුවද පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එය එළඹෙන 21 වෙනිදා දින දක්වා දීර්ඝ කළ යුතු යැයි සෞඛ්‍ය විශේෂඥයන් රැසක් රජය දැනටමත් පෙන්වා දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now