සංචරණ සීමා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්

By Wasantha May 31, 2021 12:37 PM GMT
Report

ඉදිරියේදී සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් පැතිර යන ව්‍යාජ ප්‍රකාශ සම්බන්ධයෙන් හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඔහු කියා සිටියේ එවැනි තීරණයක් ගන්නේ නම් ඒ පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුම් දෙන බවයි. එම නිසා එවැනි ව්‍යාජ ප්‍රචාර සම්බන්ධයෙන් ජනතාව කලබල විය යුතු නැති බවද හමුදාපතිවරයා කියා සිටියා