ධීවර සහ නාවුක ප්‍රජාවට දැඩි අනතුරු ඇඟවීම්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා, සහ දිවයින වටා වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව සඳහා සැලකිලිමත් වන ලෙසට එම නිවේදනයෙන් දැනුම් දී ඇත.

අවදානම ඉදිරියටත් මේ පැති පරිස්සමෙන්

අවදානම ඉදිරියටත් මේ පැති පරිස්සමෙන්

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව සඳහන් වේ. එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් හෙට දිනයේ (24) පමණ වන විට ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත.

එපා එපා කියද්දී සුද්දගේ අනවශ්‍ය තැන් අල්ලපු කාන්තාව - ලංකාවටම ලැජ්ජාවක්

එපා එපා කියද්දී සුද්දගේ අනවශ්‍ය තැන් අල්ලපු කාන්තාව - ලංකාවටම ලැජ්ජාවක්

ඉන්පසු එළඹෙන පැය 48 තුලදී එම පද්ධතිය තවදුරටත් සුළි කුනාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දැනුම් දී තිබේ. පහත සිතියමේ "Advisory" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශ වල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ. පහත සිතියමේ "Warning" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශ වල, ඉදිරි දිනවලදී ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (70-75) දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. මේ වන විට එම ප්‍රදේශයේ ධීවර කටයුතු වල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ. ධීවර සහ නාවික ප්‍රජාවන්, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි.

තප්පර ගානකින් ගස් පෙරළන් ලොකු ගලක් ආවා - කඩුගන්නාවේ අනතුර ඇසින් දුටු පුද්ගලයෙක්

තප්පර ගානකින් ගස් පෙරළන් ලොකු ගලක් ආවා - කඩුගන්නාවේ අනතුර ඇසින් දුටු පුද්ගලයෙක්

දිවයින වටා වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතු වල යෙදෙන ප්‍රජාව සඳහා නොවැම්බර් 25 දින පමණ වන විට ශ්‍රී ලංකාව ට යාබද නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී. දිවයින වටා වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතු වල යෙදෙන ප්‍රජාව, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි.

Gallery