උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්
ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.
ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් පත් කර ඇති බව වාර්තා වේ.
එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට ළමා හා කාන්තා කටයුතු තනතුරට අමතරව පුහුණු හා උසස් පුහුණු තනතුරේ වැඩබැලීම සදහා ද පත් කර ඇත.
ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී කරුණානායක විශේෂ ආරක්ෂණ රාජකාරියේ සිට උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පත් කර තිබෙන අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන උතුර පළාතේ සිට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් ස්ථාන මාරු කර තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.