ආහාර අර්බුදය හේතුවෙන්, සත්තු වත්තෙන් තෝරගත් සතුන් කිහිපයකට සිදු කිරිමට යන දේ..

By krishani Jun 05, 2022 01:51 AM GMT
Report

ආහාර අර්බුදය නිසා සතුන්වත්තේ තෝරාගත් සතුන් අභයභූමි වෙත මුදාහැරීමට අවධානය යොමුව තිබේ.

විලෝපිකයන් නොමැති ප්‍රදේශ සදහා  මෙලෙස සතුන් මුදාහැරීමට කටයුතු කර ඇති අතර මුවන්, ගොනුන් වැනි සතුන් මේ වනවිටත් තෝරාගෙන ඇති බව ද සඳහන් වේ.

පරිසරවේදීන් මේ සම්බන්ධයෙන් පවසන්නේ දීර්ඝ කාලයක් පරිසරයෙන් පිටත ජීවත් වූ එම සතුන් එක්වරම පරිසරයට මුදාහැරීම නුසුදුසු බවයි.

දෙහිවල සත්තු වත්තේ ප්‍රධානියෙකු සඳහන් කළේ, අදාල සතුන්ට ගැටළුවක් නොවන ආකාරයේ වනභුමි වලට මෙම සතුන් මුදාහැරීමට අවධානය යොමුව ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join