ආරක්ෂාව තර කරන්න - ජනපතිට ලිපියක්
Election Commission of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka
By Sithumi
මාස 1 කට පෙර
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
සිය කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ලවීම හේතුවෙන්ගේ ඔවුන්ගේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ ජනාධිපතිවරයා වෙත එලෙස ලිපියක් යොමු කර තිබුණි ඔහු සඳහන් කළේ, මැතිවරණයකට උචිත වාතාවරණය සැකසීමේ බලය ජනාධිපතිවරයාට ඇති නිසා එම ලිපිය යොමු කළ බවයි.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා ඇතැම් ආයතනවලින් සහයෝගය දීම මන්දගාමී බවත් මෙම ලිපිය මගින් ජනාධිපතිවරයා දැනුම්වත් කළ බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සදහන් කළා.
