නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා - විශේෂ දැනුම්දීමක්

By Ashfa Aug 02, 2026 04:39 PM GMT
Report

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වෙත නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට අනතුරු අගවා තිබේ.

අද (2) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන්කර සිටියේ, මෙම අනතුරු ඇඟවීම හෙට (3) ප.ව. 8 දක්වා වලංගුවන බවය.

රටේ මහජනතාවට අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් නිවේදනයක්

රටේ මහජනතාවට අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් නිවේදනයක්

එම ප්‍රදේශවල සුළගේ වේගය හෙට විටින් විට පැ.කි.මි. 60-70 දක්වා වැඩිවිය හැකි බවත්, ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ වරින්වර ඉතා රළු විය හැකි බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද වරින් වර පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩිවිය හැකි බවත්, ඒ හේතුවෙන් ප්‍රදේශවල මුහුද වරින් වර රළු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව සිය නිවේදනයෙන් අනතුරු අඟවා තිබේ.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල පවතින දැඩි සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

රටේ මහජනතාවට අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් නිවේදනයක්

රටේ මහජනතාවට අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් නිවේදනයක්