රට පුරා පාසල් ගුරුවරුන් 9000ක් සම්බන්ධයෙන් නව රජය ගන්න යන විශේෂ තීරණය මෙන්න.

Report

එකම ජාතික පාසලේ දස වසරකට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරු නවදහසක් ලබන වසරේ සිට ස්ථාන මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ස්ථාන මාරු නිර්දේශ වූ නමුත් දේශපාලන බලපෑම් මත පසුගිය වසර දක්වා අත්හිටුවා තිබූ කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල සියලු ගුරුවරුද මෙවර අනිවාර්යයෙන්ම වෙනත් පාසල්වලට මාරු කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ ලග්න වලට අද වැල්ලෙත් බඹරෙ කැරකෙන සුපිරි ග්‍රහ පිහිටීමක්..ආදරය වැඩිවන දවසක්.

මේ ලග්න වලට අද වැල්ලෙත් බඹරෙ කැරකෙන සුපිරි ග්‍රහ පිහිටීමක්..ආදරය වැඩිවන දවසක්.


විශේෂයෙන් පසුගිය වසරේ හා පෙර වසරේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල එවැනි ගුරුවරුන්ගේ ස්ථාන මාරු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීප නිලධාරියකුගේ මැදිහත් වීමෙන් අත්හිටුවීමට අමාත්‍යාංශයට සිදු වුණා.

අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටියේ, එලෙස අත්හිටුවා සිටි ගුරුවරුන්ගේ ස්ථාන මාරුවලට අදාළ තොරතුරු මේ වන විට රැස් කරගෙන තිබෙන බවයි.

සියලු ස්ථාන මාරු ක්‍රියාත්මක කරන්නේ ගුරු මාරු මණ්ඩල නිර්දේශ මත වන අතර එලෙස තීරණය කෙරෙන ස්ථාන මාරු මෙවර කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වන බවත් ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

දිවයින පුරා ඉදිරි පැය 24 ගැන දැනුම්දීමක්..

දිවයින පුරා ඉදිරි පැය 24 ගැන දැනුම්දීමක්..


පසුගිය කාලවලදී ස්ථාන මාරු ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් පිට පළාත් ගුරුවරුන්ට නගරාශ්‍රිත පාසල්වලට පැමීණීමට ද බාධා එල්ල වී තිබුණා.