ලඟදීම පාසල් විවෘත කරනවා ද ?

covid19 school kapila perera online learning g l piries
By Sewvandhi Jul 19, 2021 05:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගුරුවරුන්ට ලබාදෙන එන්නත්කරණය සාර්ථකයි. කොහොමත් ලබන අගෝස්තු මාසයේ පාසල් විවෘත කරන්න පුළුවන්. ඒ ගැන අධ්‍යාපන ඇමතිතුමා ඉදිරියේදී ප‍්‍රකාශයක් කරාවි.යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා  ඊයේ (18 වැනිදා) පැවැසීය.

දැනටමත් කොළඹ දිස්ත‍්‍රික්කයේ ගුරුවරුන් සියයට අනූනවයකටත්, කළුතර දිස්ත‍්‍රික්කයේ ගුරුවරුන් සියයට අනූනවයකටත් කොවිඞ් එන්නත ලබාදී ඇතැයිද හෙතෙම කීය.

තවදුරටත් කතාකළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙසේද කියා සිටියේය. ගුරුවරුන් එන්නත්කරණය සාර්ථකව සිදුකරගෙන යනවා. මේ මාසේ 22 වැනිදා වෙනකොට රටේම ගුරුවරුන්ට කොවිඞ් එන්නත් ලබාදී අවසන් කරනවා.

ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වෙලා වර්ජනය කරනවා. මෙය දරුවන් ගැන මානුෂීයව සිතිය යුතු වෙලාවක්.ගුරු - විදුහල්පති වැටුපට සාධාරණය ඉටුවෙනවා.

ජනාධිපතිතුමා මේ සම්බන්ධව පෞද්ගලිකවම සොයා බැලීමක් කරලයි තියෙන්නේ. දරුවන් ගැන හිතලා ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු වල නිරතවෙන්න කියලා සියලූම ගුරු මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha