අගනුවර පාසල් තවදුරටත් වැසෙයි.

By Hashini Nov 06, 2023 06:49 AM GMT
Report

 ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දුෂණය ඉහළ ගොස් තිබෙනවා.

එම හේතුව නිසා නවදිල්ලි අගනුවර පාසල් සතියක් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

ලොව වායු දූෂණය වැඩිම නගරය ලෙස සැලකෙන්නේ මිලියන 30 ක ජනගහනයක් වෙසෙන නවදිල්ලි අගනුවරයි.

සෑම වසරකම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී නවදිල්ලි අගනුවර විෂ වායු දුමාරවලින් වැසී යනවා.

අසල්වැසි ප්‍රාන්තවල ගොවීන් කෘෂිකාර්මික කටයුතු සඳහා විශාල වශයෙන් පිදුරු ගිනි තැබීම මීට හේතුව වී තිබෙනවා.

එසේම නවදිල්ලි අගනුවර හින්දු ආගමික උත්සව හේතුවෙන් ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම, රතිඤ්ඤා දැල්වීම ආදිය ද වායු දූෂණයට හේතුවක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.


GalleryGallery