දරුණු අනතුරක් - පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට

Report

 නාවලපිටිය කැටබුලාවේ සිට නාවලපිටිය හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී අද (05) උදෑසන 7ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව ඇත.

අනතුරින් පාසල් සිසුන් 13 දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙයි.

එම වෑන් රථයේ රියදුරු ද රෝහල්ගත කර තිබේ.

තවද වැඩිදුර විමර්ශන නාවලපිටිය පොලීසිය මගින් සිදු කරනු ලබයි .

අහස පොළොව නුහුලන අපරාධයක් - පියාගේ පොලු පහරින් දියණිය මරුට

අහස පොළොව නුහුලන අපරාධයක් - පියාගේ පොලු පහරින් දියණිය මරුට