අද ගුරුවරු පාසල් එන්නෙ මෙහෙමයි..එන අයට තෑගි ලැබෙයි?..

Sri Lanka Education School Teachers Josap Stalin
By Aruna Oct 21, 2021 02:54 AM GMT
Aruna

Aruna

Report

පාසැල්වල අධ්‍යන කටයුතු අද සිට ආරම්භ කිරීමට තීරණය කර තිබුණද ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පවතින්නේ අවිනිෂ්චිත තත්ත්වයක්.

ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ තමන් 25 වනදා සිට පාසැල්වලට පැමිණෙන බවයි.

එහි සාමාජික සංගමයක් වන ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ පැවසුවේ අද සහ හෙට තම සංගමයේ සාමාජිකයින් පාසල් නොයන බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන පරිපාලන සේවා සංගමයේ ලේකම් බුද්ධික අත්තනායක පැවසුවේ අද සහ හෙට තම සංගමයේ සාමාජිකයින් පාසල් වෙත පැමිණෙන බවයි.

දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීමට කිසිදු ඉඩක් නොතබන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. කෙසේවෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ද පැවසුවේ ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද සහ හෙට දිනවලද වැඩ වර්ජනයක නිරත වන බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ පවසන්නේ පාසැල්වල අධ්‍යන කටයුතු කිසිදු ගැටළුවකින් තොරව අද සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ 25 වනදා සිට හෝ වෘත්තීය සමිති නියෝජනය කරන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පාසල් වෙත පැමිණෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් වන බවයි.

වැටුප් ගැටළුව මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 102 ක්.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ පාසල් වසා දැමීමෙන් පසු ගුරුවරුන් ඔන්ලයින් ඔස්සේ සිය ඉගැන්වීම් කටයුතු සිදුකළද පසුව එයින්ද ගුරුවරුන් ඉවත් වුණා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. 
https://www.youtube.com/gagana?sub_confirmation=1


ReeCha