දිවයින පුරා පාසල් සම්බන්ධයෙන් ගන්න යන අලුත්ම තීරණය මෙන්න.

Sri Lanka Education School Dinesh gunawardhane
By Aruna Oct 27, 2021 06:35 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් නිසා පාසල් වසා දැමීම හේතුවෙන් අතපසු වූ පාඩම් කියා දීමට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමකට හෝ සෙනසුරාදා දිනයේ පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ් සම්බන්ධයෙන් මූලික සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන්කළේ.

පසුගිය වසරේදී දරුවන්ට සියයට 40ක්ද මෙම වසරේ සියයට 60ක්ද පාඩම් අතපසුවී ඇති බැවින් අත්‍යවශ්‍යම විෂය කරුණු ආවරණය කිරීමට යම් වැඩපිළිවෙලක අවශ්‍යතාව ඇති බැවින් ඒ් සම්බන්ධයෙන් විවිධ යෝජනා ඉදිරිපත් වන බව ලේකම්වරයා සඳහන් කළා.

ඉදිරියේදී පහ ශ්‍රේණියෙන් ඉහළ පන්ති ආරම්භයත් සමග පසුගිය කාලය තුළ අතපසු වූ විෂය කරුණු දින 100 ක් ඇතුළත ආවරණය කිරීමට මේ වන විට සැළසුම් කරමින් තිබෙන බවද ලේකම්වරයා පවසනවා.

ඒ අනුව ලබන වසරේ මාර්තු මස වන විට අතපසු වූ පාඩම් සියල්ල ආවරණය කිරිමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කළේ.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.



ReeCha