මැයි මාසයේ සිට ක්‍රියාත්මක වෙන අලුත්ම ගාස්තුව මෙන්න
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් දෙවැනි වරටත් පාසල් සිසු ප්‍රවාහන ගාස්තු සියයට 10කින් ඉහළ දැමීමට සිදුව ඇති බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසු ප්‍රවාහන සංගමය අද (22) අම්බලන්ගොඩදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා මෙහිදී සඳහන් කළේ, පළමු වර මෙන්ම දෙවැනි වරද සියයට දහයක ගාස්තු වැඩිවීමක් සිදු කරන බවයි. නව ගාස්තු මැයි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද ඔහු කීවේය.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පෞද්ගලික බස් රථ හිමියන් දැනටමත් බස් රථ ධාවනය අඩාල කර ඇති අතර, පාසල් සිසු ප්‍රවාහනයේදී ද මෙම බලපෑම් දැකගත හැකි බව සංගමය පෙන්වා දෙයි.
මෙම ගාස්තු වැඩිවීම හේතුවෙන් දෙමාපියන්ට බරපතළ බලපෑමක් එල්ල වන බවත්, රජයෙන් මෙය සමනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් සංගමය ඉල්ලා සිටියි.
ලංකා ගමනාගමන කොමිෂන් සභාව විසින් අද දිනයේ බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින්, එය මෙම තීරණයට බලපෑම් එල්ල කිරීමේ ඉඩකඩක් පවතින බව ද සඳහන් වේ.