දිවයින පුරා සියලු පාසල් පටන් ගන්නෙ මෙහෙමයි..අධ්‍යාපන අමාත්‍යංශය.

Sri Lanka Education School opening
By Aruna Nov 07, 2021 04:32 AM GMT
Aruna

Aruna

Report

දිවයින පුරා සියලු පාසල්වල 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි හෙට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඉලක්ක කර ගනිමින් 10, 11, 12 සහ 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට කොවිඩ් මර්දන කමිටුවෙන් ලැබුනු නිර්දේශ වලට අනුව මෙලෙස පාසල් විවෘත කරන බවයි.

ඒ අනුව පාසල තුලදීත් මුහුණු ආවරණ පැළදීම, දෑත් විෂබීජහරණය සහ සිසුන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම යන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය වනවා.

කොරෝනා වසංගතය හමුවේ වසර දෙකක පමණ කාලයක් දිවයිනේ පාසල් වරින් වර වසා දමා තිබූ අතර වසංගත තත්ත්වය යම් මට්ටමකට පාලනය වීමත් සමග දිවයින පුරා සියලු‍ පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය මස 25 වැනිදා ආරම්භ කෙරුණා. 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මෙන්ම අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට අදාළ කටයුතු පිළිබඳවද මේ වනවිටත් අවධානය යොමුව තිබෙනවා.

මේ අතර, දැනට ආරම්භ කෙරෙන මේ වසරේ අවසන් පාසල් වාරය ලබන වසරේ මාර්තු 31 දක්වා දීර්ඝ කරන ලෙස ජාතික අධ්‍යාපන ආයතනය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සියයට 50 ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

දිවයින පුරා සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි හෙට ආරම්භ වීමට සමගාමීව පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් අදත් ක්‍රියාත්මකයි.

ඒ දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ සහ සිසුන්ගේද සහභාගීත්වයෙන්.

ඊයේ ආරම්භ කෙරුණු මෙම වැඩසටහන යටතේ පාසල් විෂබීජහරණයද සිදු කෙරෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha