පාසල් විවෘත කිරීම ප්‍රශ්ණයක් වෙයි..

Sri Lanka Education School opening
By Aruna Oct 12, 2021 08:22 AM GMT
Aruna

Aruna

Report

ජනතාව විසින් සෞඛ්‍ය මර්ගෝපදේශ නිසිලෙස අනුගමය නොකළහොත් යළිත් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංසඳය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසා සිටියේ, යළි පාසල් විවෘත කිරීම සඳහා සියලුදෙනාගේම සහාය අවශ්‍ය බවය.

"පාසල් විවෘත කිරීම සඳහා සියලුදෙනාගේ ම සහයෝගය ඉතාම වැදගත්.

එය තීරණය වන්නේ රෝගය සමාජය තුළ පැතිර යෑමේ සීඝ්‍රතාවය මතයි කොපමණ ඉක්මනින් මේ පාසල් ශ්‍රී ලංකාව පුරාම සියලු දරුවන්ට සිදුකරන්න පූළුවන් ද කියන එක තීරණය වෙන්නේ.

අදියර වශයෙන් මේක සිදුවෙමින් පවතිනවා.

මේ තත්ත්වය තවදුරටත් පාලනය කරගත්තොත්, නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ දරුවන් පාසල් යැවීමට සියලුදෙනාගේ සහයෝගය අවශ්‍යයි.

ඒ වගේම සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ සමහර ජනතාව සෞඛ්‍ය පුරුදු භාවිතයෙන් ඈත් වෙමින් තිබෙන බව නිරීක්ෂණය වී තිබෙනවා.

මෙම තත්ත්වය ඉතාම භයානක බවත් මෙම නිසා පසුගිය සිංහල අවුරුදු පොකුර මෙන් නැවත කෝවිඩ් පොකුරක් නිර්මාණය වීමේ වැඩි අවදානමක් තිබෙනවා."

එමෙන්ම සංචරණ සීමා දැමීම සහ එන්නත්කරණය හේතුවෙන් මේවන විට කොරෝනා රෝගයේ යම් පාලනයක් දකින්ට ඇති බව වෛද්‍ය චන්න ද සිල්වා මහතා පෙන්වා දුනි.

"දැනට රෝහල් තුළ ඉන්න රෝගීන් සංඛ්‍යාව සහ ඔක්සිජන් අවශ්‍යතාවය සහිත රෝගීන්ගේ අවශ්‍යතාවයේ පැහැදිලි අඩුවක් දකින්න ලැබනවා.

නමුත් මෙය ඉදිරියටත් පවත්වාගෙන යෑම සියලුදෙනාගේ ම වගකීමක්.

එන්නත්කරණයෙන් රෝගය 100% පාලනය කිරීම අසීරුයි.

සෞඛ්‍ය පුරුදු ද 100% අනුගමනය කිරීම ඉතා අවශ්‍යයි.

තවදුරටත් ඩෙල්ටා ප්‍රභේදය සමාජයේ පැතිර පවතින නිසා තත්ත්වය ඉදිරියේ දී භයානක විය හැකියි."

මේ අතර දරුවන්ට එන්නත්කරණය කිරීම සම්බන්ධයෙන් කලාපයේ අනිත් රටවල්වලට සාපේක්ෂව අපි ඉතා ඉහළ සාර්ථක ස්ථානයක සිටින බවත් තවමත් එන්නත් ලබා නොගත් දරුවන් සිටීනම් ඔවුන්ට එන්නත් ලබාදීම දෙමව්පියන්ගේ වගකීමක් බවත් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


ReeCha