ගුරු අරගලය දරුණු වෙයි - හෙට සිට ගුරුවරු දිවයින පුරාම කරන්න යන දේ. (VIDEO)
හෙට (25) දිනයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි. හෙට දිනයේ ගුරු - විදුහල්පතිවරු පාසල්වල සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබෙන අතර පස්වරු 2ට එම විරෝධතාවය පැවැත්වීමට නියමිතය
. අද (24) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ජෝසෆ් ස්ටාලින් මහතා ඒ බව පැවසීය. එම මාධ්‍ය හමුවේ දී ඔහු පළ කළ අදහස් පහතින් නරඹන්න.
"පාසල් කටයුතු ආරම්භ වුණාම, හෙට පස්වරු 2ට අපි කොටුව දුම්රිය පොළ ඉදිරියේ උද්ඝෝෂණයක් පවත්වනවා. රට පුරා සෑම නගරයකම අපේ උද්ඝෝෂණ සංවිධානය කරනවා.
" මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුවට අලුත් අභියෝගයක් කරන බවය. "හෙට දවසේ 1-5 ශ්‍රේණිවල ගුරුවරු සේවයට වාර්තා කරණු ලැබේ. නමුත් පළාත් අතරේ ගුරුවරුන්ට යන්න පහසුකම් නෑ. සොච්චම් වැටුපෙන් ත්‍රීවිල් හයර් කරන් යන්න බෑ. පොදු ප්‍රවාහනය යළි සක්‍රීය වෙන තුරු ඒ ගුරුවරුන්ට නිවාඩු දෙන්න ඕනේ.
පුළුවන් නම් එක ගුරුවරයෙකුගේ විදුහල්පතිවරයෙකුගේ වැටුප නතර කරලා පෙන්වන්න නොවැම්බර් මාසයේ. ඔන්න දැන් අපේ අභියෝගය. පාසල්යමින් උගන්වමින් අරගලය පෙරට. පහසුකම් දෙනතුරු ඔන්ලයින් අධ්‍යාපනයේ අපි නියැලෙන්නේ නෑ.7.30යි 1.30 අතරේ දරුවන්ගේ කටයුතු පමණයි."
