කැකිරාවේ ප්‍රසිද්ධ පාසලක අවාසනාවන්ත සිදුවීමක් - සිසුන් 20ක් රෝහලට

Report

කැකිරාව නගරාසන්නියේ පිහිටි ප්‍රසිද්ධ පාසැලක අද (10) දහවල් සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල්ගත වී තිබේ.

මෙම බඹර ප්‍රහාරයෙන් විසි දෙනෙකු පමණ සිසුන් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගේ  තත්වය බරපතල නොවන  බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

වහාම ඉවත්වෙන්න - ඇවිලෙන යුධ ගිනි මැද ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීමට නියෝග

වහාම ඉවත්වෙන්න - ඇවිලෙන යුධ ගිනි මැද ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීමට නියෝග

1990 ගිලන් රථසේවය සහ පුද්ගලික රථවාහන මඟින්, විදුහල්පතිනිය සහ ආචාර්ය මණ්ඩලය විසින් තුවාල ලැබූ සිසුන් කඩිනමින් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත ගෙන ඒමට කටයුතු කර ඇත.

මෙම අනතුරෙන් තුවාල ලැබූ සියලුම සිසුන් කැකිරාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මේ ප්‍රදේශවලට පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බවට නිවේදනයක්

මේ ප්‍රදේශවලට පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බවට නිවේදනයක්