විස්සයි විස්ස ලෝක ශූරයන් වූ ඉන්දියාවට රුපියල් කෝටි 131ක මූදල් තෑගි

Report

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විස්සයි විස්ස ලෝක කුසලානය දිනූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 131ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට තීරණය කර ඇත.

මෙම මූල්‍ය ප්‍රදානය ලබා දෙන්නේ ඉන්දීය ක්‍රිකට් සංචිතයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලයෙන් ලැබෙන දීමනාවට අමතරවයි විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා කටයුතු කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීිඩකයින්, පුහුණුකරුවන්, තේරීම් කමිටු සාමාජිකයින් සහ සහයක කාර්යමණ්ඩලයට සුබපැතුම් එක්කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම දීමනා ප්‍රකාශයට පත්කර ඇත.

මෙවරත් ලෝක ශූර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යාසකවරයා ලෙස ශ්‍රී ලංකාවේ නුවන් සෙනෙවිරත්න ද කටයුතු කර ඇත.