ලෝකෙම කළඹන ඉරානයේ දැවැන්ත ප්‍රතිප්‍රහාර හමුවේ ගල්ෆ් කලාපය උණුසුම් වෙයි - ජනතාව භීතියෙන්

Report

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කරන පසුබිමක, ඉරානය දෙසින් එල්ල වන දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවකට ගල්ෆ් කලාපයේ රටවල් මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව මෙම ප්‍රහාර මැඩපැවැත්වීමට කලාපීය රටවල් සිය උපරිම ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

මේ අතර සෞදි බලධාරීන් සඳහන් කරන්නේ ඊයේ රාත්‍රියේ ඉරානය දෙසින් පැමිණි එක් බැලැස්ටික් මිසයිලයක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා පහක් සාර්ථකව අතරමගදී විනාශ කිරීමට සමත් වූ බවයි.

එමෙන්ම තම රටේ ගුවන් සීමාවට ඇතුළු වූ ප්‍රහාරක ඩ්‍රෝන යානා හයක් හඳුනාගෙන ඒවා සාර්ථකව බිම හෙලීමට කුවේට් හමුදාව සමත්වූ බව ද සඳහන්.

වහාම ඉවත්වෙන්න - ඇවිලෙන යුධ ගිනි මැද ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීමට නියෝග

වහාම ඉවත්වෙන්න - ඇවිලෙන යුධ ගිනි මැද ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීමට නියෝග

ඊට අමතරව බහරේනයේ මනමා අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් 29 හැවිරිදි තරුණියක ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එරට ආරක්ෂක තත්ත්වය දැඩි කර ඇත.

මේ අතර අද දිනයේදී ද බහරේන රජය විසින් අනතුරු ඇඟවීමේ සංඥා (Waing sirens) නිකුත් කර තිබූ අතර, වහාම ආරක්ෂිත ස්ථාන කරා යන මෙන් පදිංචිකරුවන්ට දැනුම් දී තිබුණා.

එසේම එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ ඉරානය දෙසින් එල්ල වන මිසයිල සහ ඩ්‍රෝන තර්ජන මැඩපැවැත්වීමට ගුවන් ආරක්ෂක පද්ධති මෙන්ම ප්‍රහාරක ජෙට් යානා ද යොදවා ඇති බවයි.

යුධ ගින්නෙන් හිස්බුල්ලා මූල්‍ය ජාලය වැනසෙයි - ඊශ්‍රායලයෙන් මූල්‍ය මධ්‍යස්ථාන 30ක් ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක්

යුධ ගින්නෙන් හිස්බුල්ලා මූල්‍ය ජාලය වැනසෙයි - ඊශ්‍රායලයෙන් මූල්‍ය මධ්‍යස්ථාන 30ක් ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක්

මේ අතර උතුරු ඉරාකයේ අර්බිල් (Erbil) නුවර පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොන්සල් කාර්යාලයට ද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව සඳහන්.

අඳාළ ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලට හානි සිදුව ඇති නමුත් කිසිදු පුද්ගලයකුට තුවාලයක් සිදුවු බවට වාර්තා නොවන බව එරට විදේශ අමාත්‍යාංශය තහවුරු කරයි.

කෙසේ වුවත් කලාපය පුරා පවතින මෙම යුධමය වාතාවරණය නිසා ගල්ෆ් කලාපයේ සිවිල් වැසියන් දැඩි භීතියට පත්ව සිටින අතර ජාත්‍යන්තර ප්‍රජාව මෙම ගැටුම තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට උත්සාහ කරමින් සිටින බව මාධ්‍ය සඳහන් කරයි.

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල වැඩි කිරීම - මැදපෙරදිග උණුසුම නිසා පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ දමයි

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල වැඩි කිරීම - මැදපෙරදිග උණුසුම නිසා පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ දමයි

“හෝමූස් වසා තෙල් නවත්වනවා” – ඉරානයට ට්‍රම්ප්ගෙන් දැඩි යුධ අනතුරු ඇඟවීම

“හෝමූස් වසා තෙල් නවත්වනවා” – ඉරානයට ට්‍රම්ප්ගෙන් දැඩි යුධ අනතුරු ඇඟවීම