ඊශ්‍රායල හමුදාවෙන් ලෙබනනයට දරුණු අනතුරු ඇගවීමක් - ප්‍රහාර මාලාවකට සියල්ල සුදානම්
දකුණු ලෙබනනයේ ටයර් සහ සීදොන් වෙත ආසන්න ප්‍රදේශයට ප්‍රහාර එල්ල වන බවට ඊශ්‍රායල හමුදාව අනතුරු අඟවයි.
ඉරානයට එරෙහි ඊශ්‍රායල-එක්සත් ජනපද ඒකාබද්ධ යුද්ධය මධ්‍යයේ ඊශ්‍රායලය ඉරානයේ පිටුබලය ලත් ලෙබනන් කණ්ඩායමක් වන හිස්බුල්ලා ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා දකුණු සහ නැගෙනහිර ලෙබනනය පුරා ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
ඊශ්‍රායල යුධ ගුවන් යානා අල්මජාඩෙල්, චක්‍රා, ශ්‍රීෆා සහ බෙකා නිම්නයේ නගරවලට රාත්‍රියේ ප්‍රහාර දියත් කළ බව ලෙබනනයේ ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය (NNA) වාර්තා කිරීමෙන් පසු, අඟහරුවාදා දකුණු ලෙබනනයේ ටයර් සහ සීදොන් වෙත ආසන්න ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල හමුදාව අනතුරු ඇඟවීය.