15 හැවිරිදි පාසල් දැරියක් සමඟ පවුල් කෑ 21කේ තරුණයාට අවසානයේ සිදුවූ දේ..
සිය මව්පියන් භාරයේ හැදීවුඩුණු පාසල් යමින් සිටි දැරියක් සිය මවුපියන්ගේ භාරයෙන් ඉවතට ගෙන වෙනම අඹුසැමියන් ලෙස ජීවත් වූ 21 හැවිරිදි තරුණයෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මල්ලාගම් අධිකරණය විසින් නියෝග කර තිබේ.
එම පුද්ගලයා නොවැම්බර් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මල්ලාගම් අධිකරණය නියෝග කර ඇත.
මෙම තරුණයා විදෙස්ගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඔහු අධ්‍යාපන හදාරමින් සිටි 15 හැවිරිදි දැරියක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන ගොස් තිබේ.
මෙම ප්‍රේමසඳතාවය පසුව දුරදිග ගොස් අචුවේලි ප්‍රදේශයේ මවුපියන් සමඟ ජීවත් වූ ඉහත කී දැරිය 21 හැවිරිදි තරුණයා විසින් රැගෙන ගොස් එම දැරිය විවාහ කර ගෙන පවුල් ජීවිතයක් ගත කර ඇති බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් අචුවේලි පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ලැබී තිබුණා.
අනතුරුව මේ සම්බන්ධයෙන් ගංගේසන්තුරේ විශේෂ දිසා අපරාධ නිවාරණ ඒකකයේ අවධානය යොමු කර ඇත.
මෙම නඩුවේදී ගංගේසන්තුරේ විශේෂ දිසා අපරාධ නිවාරණ ඒකකය මගින් අත්අඩංගුවට ගත් තරුණයා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී විනිසුරුවරයා විසින් ලබන නොවැම්බර් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |