මෙරට ලෝකයේ ජනප්‍රිය ස්ථානයක් අසල පාසලක් වැසෙන්න යයි..මේ ගැන රජයේ දැඩි අවධානය යොමු කරන්න.(PHOTOS)
ලොව අටවන පුදුමය ලෙස හඳුන්වනු ලබන සිගිරි පව්ව පෙනෙන මානයේ පිහිටා ඇති දියකැපිල්ල ප්‍රාථමික විදුහල වැසී යෑමේ අවදානමක් පවතින බව මව්පියෝ පවසනවා.
ප්‍රවාහන පහසුකම්, ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් මෙම පාසල වැසී යාමේ තර්ජනයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
එතරම් දුෂ්කරතා මැද මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් තිදෙනාම ඉතා ඉහළින්ම දක්ෂතා පෙන්වා තිබීම ද විශේෂත්වයක් වනවා.
හැම දරුවෙක්ම ලකුණු සියයේ සීමාව ඉක්මවා ඇත.
ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් දියකැපිල්ල ප්‍රාථමික විදුහල දශක හතරක සිට දරුවන්ට සිප් සතර කියා ප්‍රදේශයේ විශේෂ තැනක් ගන්නා පාසලකි.
එක වසර සිට පහ වසර දක්වා මෙහි පන්ති පැවැත්වෙන අතර මේ වන විට මේ පාසලේ මුළු සිසුන් සංඛ්‍යාව නමයක් බවයි පැවසෙන්නේ.
පහ වසර පන්තියේ දරුවන් තිදෙනෙක් සිටින අතර, කිසිදු උපකාරක පංතියකට නොගොස් විදුහල්පති තුමිය සහ තවත් ගුරුවරියක් විසින් ඉගැන්වීම් කටයුතු කොට පහ වසර ශිෂ්‍යත්වයේ ලකුණු එකසිය තිස් නමය, එකසිය විසි අට ,එකසිය අට, ප්‍රමාණයෙන් ලබාගෙන ඇති බව මව්පියෝ පෙන්වා දෙයි.
එවැනි දක්ෂ ලෙස ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙන පාසලේ තවත් දින කිහිපයකින් පහ වසරේ පන්තියේ සිටින සිසුන් තිදෙනාම ඉවත්ව යන්න බවත් වීවිධ හේතූන් සහ පංතියේ තනිවම සිටීමට නොහැකි බව ප්‍රකාශ කරමින් තවත් දරුවන් තුන් දෙනෙකු වෙනත් පාසලකට රැගෙන යෑමට එම මව්පියන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
එසේ වූ විට පාසලේ ඉතිරි වන්නේ තවත් දින කිහිපයකින් දරුවන් හතර දෙනකු පමණක් බවයි මව්පියෝ පෙන්වා දෙන්නේ.
දියකැපිල්ල ගම්මානය පිහිටා ඇති දඹුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් විශාලතම ග්‍රාම නිලධාරී වසම වන මයිලත්තෑවේය.
සීගිරිය සිට කිලෝමීටර් තුනක් පමණ කැලෑ බඳ ප්‍රදේශයකට වන්නට මෙම ගම පිහිටා ඇත.
මයිලත්තෑව සිට පාසලට ගමන් කිරීමට කිලෝ මීටර් හයක් හතක් පමණ තිබෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.
එම ප්‍රදේශවලින් දරුවන්ට දියකැපිල්ල පාසලට ගමන් කිරීමට කිසිදු ප්‍රවාහන පහසුකමක් නොමැති වීම ද ප්‍රධාන ගැටළුවකි.
ගමට පිවිසුම ඇති ප්‍රධාන මාර්ගය පවා දැඩි ලෙස අබලන්ව පවතින අතර දිවා කාලයේ පවා වන අලින් ගැවසෙන බවයි මව්පියෝ පෙන්වා දෙන්නේ.
රටට දක්ෂයින් බිහි කළ ග්‍රාමීය පාසලක් මෙලෙස වැසීයන්නට ඉඩ නොදී අනෙකුත් පාසල් වලට මෙන් මෙම පාසලට ද පවතින අඩුපාඩු සොයාබලා ඊට වහාම කඩිනම් විසදුමක් ලබාදී, පාසලට පිවිසීමට ඇති යටිතල පහසුකම් සංවර්ධනය කර රටේම සිටින දරුවන්ට අධ්‍යාපනයේදී ලැබෙන සමාන වරප්‍රසාද මෙම දරුවන්ට ද ලබා දෙන්නට වගකිව යුතු බලධාරීන් වහාම පිළියමක් යොදන ලෙස ගගන ප්‍රවෘත්ති අංශයේ අප මතක් කර දෙන්නෙමු.
You May Like This Video
මෙම පාසලේ දරුවන්ගේ ඡායාරූප පහතින්👇