අද දිවයින පුරා සියලුම පාසල් වලට විශේෂ නිවාඩු දිනයක් කරයි..හේතුව මෙන්න.

By Aruna Dec 01, 2022 11:57 PM GMT
Report

මෙම වසරේ දෙවැනි පාසල් වාර අවසන් කිරීම හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා අද නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2022 වසරේ දෙවන පාසල් වාරය අදින් (02) අවසන් වන අතර තෙවන පාසල් වාරය ලබන 05 වන සඳුදා දිනයේ ආරම්භ කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව අද දිනය රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.

තෙවන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 05 වන දින සිට 22 වන දින දක්වා පැවැත්වෙන අතර නත්තල් උත්සවය හේතුවෙන් දෙසැම්බර් මස 23 වන දින සිට ජනවාරි මස පළමු වන දින දක්වා යළි පාසල් සඳහා නිවාඩු ලබාදීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now