අද සහ හෙට පාසල් වැසෙයි? - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.
අද සහ හෙට පාසල් සාමාන්‍ය පරිදි සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ, අනුව දෙමාපියන්ගේ සහයෝගය ඇතිව ලබන සතියේ සාමාන්‍ය පරිදි පාසල් කටයුතු කරගෙන යන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා. අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ, රාජ්‍ය සේවා වෘත්තීය සමිති හෙට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ලෙඩ නිවාඩු වර්ජනයට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවයි.
පාසල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම රජයේ අරමුණ බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.
දිවයින පුරා වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) අසනීප නිවාඩු වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
මෙම තත්ත්වය යටතේ මෙම විරෝධතාවයට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද සහභාගී වීමට නියමිතයි.
