දිවයින පුරා සියලු පාසල් සිසුන්ගෙන් විශේෂ ඉල්ලීමක්..

Sri Lanka Seduction school childrens
By Aruna Nov 08, 2021 01:59 AM GMT
Aruna

Aruna

Report

මාස 06 කට පසු පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා එම ශ්‍රේණිවල සිසුන්ගේ මව්පියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන් වෙනුවෙන් පාසල් සූදානම් කර ඇති බැවින් දරුවන් පාසැල් වෙත යොමු කරන ලෙසයි.

සියලු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු ඉකුත්දා ආරම්භ වුණා.

06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරන බවයි අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ.

හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්නැයි අද සිට පාසල් පැමිණෙන සිසුන්ගෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කළා.

මේ අතර කොරෝන වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට මග හැරුණු විෂය නිර්දේශ සති 20 කින් ආවරණය කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha