සිසුවෙකුගේ ඔලුව පලපු සිසුවා මාරු වී .. විදුහල්පතිගෙන් ගුටි කෑ සිසුවෙකුට සිදු වූ දේ.

Sri Lanka Police Hospitals in Sri Lanka Sri Lankan Schools School Incident School Children
By Wayomi Jun 14, 2024 02:36 PM GMT
Wayomi

Wayomi

Report

මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු එම පාසලේ 9ශ්‍රේණීයේ සිසුවෙකුට කළ පහරදීමකින් සිසුවා රෝහල්ගත කළ පුවතක් වාර්තා වෙනවා.

පාසලේ සිසුවෙකු තවත් සිසුවෙකුට බෙලි ගෙඩියකින් කළ පහරදීමකින් පහරකෑමට ලක්වූ සිසුවාගේ හිස ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර ඒ, හේතුවෙන් පාස‌ලේ විදුහල්පතිවරයා විසින් මෙම සිසුවාට පහරදීම සිදු කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

IMF ආරංචිය සුබ වුනාට - මෙන්න ගෙවල් තියෙන අයට ගහන්න යන අලුත්ම බද්ද.

IMF ආරංචිය සුබ වුනාට - මෙන්න ගෙවල් තියෙන අයට ගහන්න යන අලුත්ම බද්ද.


මෙලෙස පහරදීම සිදු කළ සිසුවාගේ නමට සමාන නමක් ඇති සිසුවෙකු විදුහල්පතිවරයා අභියසට කැදවාගෙන ආ අවස්ථාවේ අදාල විදුහල්පතිවරයා මෙම සිසුවාගේ පිට ප්‍රදේශයට සහ කන ප්‍රදේශයට පහරදීමක් සිදු කළ බව අදාල සිසුවා නිවසට ගොස් සිය මිත්තනියට පවසා තිබෙනවා.

2024 මැතිවරණයට දිනය නියම වෙයි? - පැවැත්වෙන දිනය ගැන ප්‍රකාශයක්. - (VIDEO)

2024 මැතිවරණයට දිනය නියම වෙයි? - පැවැත්වෙන දිනය ගැන ප්‍රකාශයක්. - (VIDEO)


කන ප්‍රදේශයට පහරදීම සිදු කර සුළු මොහොතකට පසු සිසුවාට වමනය යාමක් සිදුව ඇති අතර පසුව පන්තිභාර ගුරුතුමිය විසින් සිසුවාට ඖෂධයක් ලබා දීමට කටයුතු කර ඇති බවද බවත්, පහරදීම සිදු කළ සිසුවා නිෂ්චිතවම සොයා නොබලා ඒම ස්ථානයේවත් නොසිටි සිය මුණුපුරාට පහරදීමට අදාල විදුහල්පතිවරයා කටයුතු කර ඇති බවත් මිත්තනිය චෝදනා කරනවා.

අනතුරුව මෙම සිසුවා රාත්‍රී කාලය වන විට හිස ප්‍රදේශයේ තදබල වේදනාවක් සහ පෙනීමේ දෝෂ්‍යක් ඇති බව පැවසීමත් සමග නිවැසියන් විසින් සිසුවා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබෙනවා.   

චොක්ලට් එකෙන් මතු වූ ඇඟිල්ල වගේ ද අයිස් ක්‍රීම් එකෙන් මතු වූ මේ ඇඟිල්ල. - (VIDEO)

චොක්ලට් එකෙන් මතු වූ ඇඟිල්ල වගේ ද අයිස් ක්‍රීම් එකෙන් මතු වූ මේ ඇඟිල්ල. - (VIDEO)