පාසල් සිසුන් 30කට කොරෝනා..100ක් නිරෝධායනයට..යළිත් රතු එළියක්.

Covid Education School children Anuradapura hriwpathana
By Aruna Oct 31, 2021 07:47 AM GMT
Aruna

Aruna

Report

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන, තඹුත්තේගම සහ පදවිය ප්‍රදේශවල ප්‍රාථතමික පාසල් සිසුන් 30ක් ගුරුවරුන් තිදෙනකු සහ එක් විදුහල්පතිවරයකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වූ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බී. රත්නායක මහතා පවසයි.

ඔවුන් අතරින් සංකූලතා පෙන් වූ පිරිස් රෝහල් ගත කර ඇති අතර සෙසු පිරිස නිවෙස් නිරෝධායනයට යොමු කර ඇත.

එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 100 පමණ නිරෝධායනයට යොමු කර ඇත.

මේ අතර දිවයිනේ සියලුම පාසල් වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන මස 8 වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියළුම කතෝලික පාසල් සහ ඇංග්ලිකානු පාසල්වල ද 10,11,12, සහ 13 වැනි ශ්‍රේණී එදිනම විවෘත කිරීමට නියමිතයි.

මේ අතර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්තිද 50%ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වැනිදා සිට ආරම්භ කිරීමටද අවසර හිමිවී තිබෙනවා.

කොවිඩ් වසංගතය හමුවේ වසර දෙකක පමණ කාලයක් දිවයිනේ පාසල් වසා දමා තිබූ අතර වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමග සියලු පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය 25 වැනිදා ආරම්භ කෙරුණා.

මීට අමතරව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සියයට 50 ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වනදා සිට ආරම්භ කිරීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි.

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.



ReeCha