පාසල් සිසුන්ට ලබා දුන් දෙයක් එකවරම නවතියි...

Sri Lanka Education School Dinesh gunawardane
By Aruna Oct 18, 2021 05:55 AM GMT
Aruna

Aruna

Report

කිරි වෙනුවට ළමුන්ට වෙනත් පානයක් දෙන්න යයි පාසල් සිසුන් සඳහා දියර කිරි ලබා දීම අත්හිටුවා දේශීය සහල්වලින් පිළියෙල කරන ලද කැඳ වීදුරුවක් ලබාදීමට පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

පාසල් 927ක සිසුන් ලක්ෂ හතරකට සතියකට දෙවරක් මේ අනුව කැඳ ලබාදීමට සැලසුම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනුමත කරන දේශීය කැඳ වට්ටෝරුවක් මේ සඳහා භාවිතා කරන අතර පෞද්ගලික සමාගමකින් කැඳ ලබා ගැනීමටද සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 650ක් මෙම වර්ෂයේ දී වැය කිරීමට නියමිතය.

දියර කිරි ලබාදීම සඳහා වෙන් කළ මුදල් මේ සඳහා භාවිතා කෙරේ.

දියර කිරි වීදුරුවක් සඳහා වැය කළ රුපියල් 23ක මුදලටම කැඳ වීදුරුවක් ලබාදීමට සැලසුම් කර තිබේ.

2021 වර්ෂයේ පාසල් දරුවන්ට කිරි ලබාදීම ක්‍රියාත්මක කිරීම සඳහා කිරි සපයන ආයතන කැඳවා ඇතත් කිසිදු සමාගමක් ඉදිරිපත් වී නොමැති බවද අධ්‍යාපන අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි.

ඊට හේතු වී ඇත්තේ කිරි සපයා ගැනීමේ දුෂ්කරතාවයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha