සරත් වීර සේකර සතු ආයතන දෙක ජනපති පවරා ගනී

Sri lanka sarath weerasekara piyumi hansamali
By Sithumi Jul 30, 2021 06:03 PM GMT
Report

අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ. 

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම පවරා ගැනීම සිදු කර ඇත. ඒ අනුව සරත් වීරසේකර මහතා යටතේ මෙතෙක් තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාට පැවරී ඇත. 

මෙම ගැනීමත් සමග සරත් වීරසේකර මහතාගේ කැබිනට් අමාත්‍යාංශයට ඉතිරි වන්නේ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පමණි.

GalleryGalleryGallery