ශ්‍රීලනිප හුටපටය අවසන් වෙයිද? - මහ ලේකම් පුටුවේ ගැටුම විසඳන්න මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
By Malith Madushan
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මහ ලේකම් ධුරය සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳාගෙන නිල පිළිගැනීම තහවුරු කරගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයට යළි දැනුම් දී තිබෙනවා.
පක්ෂයක නිල කටයුතු පවත්වාගෙන යාමේදී මහ ලේකම් ධුරය ඉතා වැදගත් වන අතර, මැතිවරණ බලධාරීන් සමඟ සන්නිවේදන කටයුතු සිදුකිරීම සහ නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම ඇතුළු කටයුතු සඳහා එම තනතුර අත්‍යවශ්‍ය වනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වය නිරාකරණය කරගැනීම පක්ෂයේ නිල පිළිගැනීම සම්බන්ධයෙන් තීරණාත්මක කරුණක් වී තිබෙනවා.