ආයෙත් අසරණ වුණ සරණ

Report

අද (27) දින කොළඹ මහාධිකරණයේ දී නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව ගොනුකර තිබෙන නඩුව යළි විභාගයට ගෙන තිබෙනවා.

කොකටත් මීටරේ දුර තියා ගන්න...නව කොවිඩ් අවදානම ගැන අනතුරු ඇඟවීමක්

කොකටත් මීටරේ දුර තියා ගන්න...නව කොවිඩ් අවදානම ගැන අනතුරු ඇඟවීමක්

ඒ අත්තනගල්ල, කරස්නාගොඩ ප්‍රදේශයේ චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් නිසා අවතැන් වූ පවුල් 35කගේ සුබසාධන කටයුතු වෙනුවෙන් එම සමාගම විසින් ලබාදුන් රුපියල් කෝටි 12කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාවකට අඳාළව ගොනු කළ නඩුවයි.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ දී විභාග විය.

ඒ අනුව අද දින නඩුව කැඳවූ විට දී පැමිණිල්ල වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ මිනුවන්ගොඩ ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ කේ.ජී.වී ඇන්ටනි පෙරේරා මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ බව වාර්තා වේ.

ඉන්පසු විනිසුරුවරයා තීරණය කළේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 7 වන දින දක්වා කල් තැබීමටයි. තවද විනිසුරුවරයා විසින් එදින නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග ක‍ර තිබෙනවා.

අඳාළ නඩුවේ සඳහන් වුණේ චීන සමාගමක් මඟින් අත්තනගල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් නිසා අවතැන් වූ ජනතාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් එම සමාගම විසින් මුදල් වෙන් කර තිබෙන බවයි.

නිළි රැජිණිය ගැන ඇගේ වෛද්‍යවරයා කිව්ව කතාව

නිළි රැජිණිය ගැන ඇගේ වෛද්‍යවරයා කිව්ව කතාව

එහෙත් වෙන් කළ රුපියල් දොළොස් කෝටී අනූ එක්දාස් පන්සීයක මුදලක් අවසන් වූවන්ගේ සුබසාධන කටයුතුවලට නොයොදා එය 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතුවලට යෙදවීම තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ 389 වැනි වගන්ති යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් විත්තිකාර සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව නීතිපතිවරයා විසින් අඳාළ නඩුව ගොනුකර ඇති බව වාර්තා වේ.