කොකටත් මීටරේ දුර තියා ගන්න...නව කොවිඩ් අවදානම ගැන අනතුරු ඇඟවීමක්

Report

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මේ වන විට ලොව පුරා රටවල් බෙහෝමයක නැවත වරක් ව්‍යාප්තව වෙමින් පවතින නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අවධානය දැනටමත් යොමු කර ඇති බව ප්‍රකාශ කරයි.

එසේම තවමත් මෙරට ඒ පිළිබඳ අනතුරුදායක තත්ත්වයක් නොමැති බව ද අද (27) දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා ඇත.

නිළි රැජිණිය ගැන ඇගේ වෛද්‍යවරයා කිව්ව කතාව

නිළි රැජිණිය ගැන ඇගේ වෛද්‍යවරයා කිව්ව කතාව

එසේ වුවත් ගුවන්තොටුපොළ ආශ්‍රිතව මේ වන විටත් එම කටයුතු සම්බන්ධයෙන් මෙරට මැදිහත් වෙමින් පවතින බවත් ඔහු සඳහන් කළා.

එම අවස්ථාවේ දී අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ

"සිංගප්පූරුවෙත්, ඉන්දියාවෙත් යම් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි දැඩි අවධානයෙන් පසුවෙනවා. තවමත් පසුගිය කාලයේ තිබුණා වගේ අනතුරකට තාම තොරතුරු ලැබිලා නැහැ. නමුත් ගුවන්තොටුපොළේ සිටම ඒ කටයුතු සම්බන්ධව මැදිහත් වෙමින් පවතිනවා."

ඉකුත් දා ඉන්දීය මාධ්‍ය මඟින් වාර්තා කළේ ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 1,009 දෙනෙකු වාර්තා වූ බවයි.

එසේම එම රෝගීන් අතුරින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් සඳහන් විය.

ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේ ආසන්නතම අසල්වැසියායි. එවන් තත්ත්වයක් මත පෙර සූදානම අත්‍යවශ්‍ය වනු ඇත.  

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය