පිළිකාවේ අවසන් අදියරේ සිටින පියෙකු තම දියණිය සතුටු කළේ මෙහෙමයි - කවුරුත් කතා කරන සිදුවීම (PHOTOS)

United States of America
By Sewvandhi Nov 18, 2023 01:18 PM GMT
Sewvandhi

Sewvandhi

Report

4 වන අදියරේ පිළිකාවක් ඇති පියෙකු තම දියණියගේ උසස් විද්‍යාලයේ Home Coming උත්සවයට සහභාගී වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තම පියාව Home Coming උත්සවයේදී දැකීම දියණිය වන Saraගේ එකම බලාපොරොත්තුව වූ බවයි.

පසුගිය වසර හයක කාලය තුළ esophageal පිළිකාවෙන් අමෙරිකාවේ Alabama ප්‍රාන්තයේ ජිවත් වන Brett Yancey පීඩා විදින අතර ඔහු දැඩි ප්‍රතිකාර මධ්‍යයේ සිටින බව සඳහන්.

Brett Yancey ඔහුගේ ශරීරය ඉතා දුර්වල තත්ත්වයක තිබියදීත්, ඔහු තම දියණිය වන Sara Kateගේ උසස් විද්‍යාලයේ විශේෂ අවස්ථාව මග හැරිය නොහැකි බවයි පවසා ඇත්තේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, පියා දියණියව අල්වාගෙන යන අකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝවලට බොහෝදෙනා සංවේදී වී ප්‍රතිචාර දක්වා ඇති බවයි.

GalleryGalleryGalleryGallery