ටික ටික එළියට එන සනත්ගේ පැටිකිරිය ..

Report

වසරක් සඳහා ශ්‍රී ලංකා පුහුණුකාර ධූරයේ රාජකාරිය භාරගැනීම සඳහා සනත් ජයසූරිය තමන්ට යෝජනා කර තිබූ ඩොලර් පහළොස් දහසක (ලක්ෂ 45ක) මාසික දීමනාවට එකඟ වී නැති බවත් ඩොලර් 25000ක දීමනාවක් (රුපියල් ලක්ෂ 75) ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දීමනාවක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ තීරණයක් ..

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දීමනාවක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ තීරණයක් ..

එය සාධාරණ ඉල්ලීමක් බව පෙනී යන්නේ මින් පෙර සිටි විදේශ පුහුණුකරුවන් වෙනුවෙන් ලබා දුන් මාසික දීමනාව එය බැවිනි.නමුත් එම ඩොලර් 25000 ඉල්ලා ඇත්තේ, දැනට එහි උපදේශකයෙක් ලෙස ක්‍රිකට් ආයතනයෙන් ලබා ගන්නා රුපියල් ලක්ෂ 50ක මාසික දීමනාවට අමතරව බව ද එම තොරතුරු අනාවරණය කරයි.

ඔහු සුවිශේෂී ප්‍රද්ගලයෙක් ලෙස සලකා එම මුදල දීමනා ලෙස ලබා දුන්න ද සනත් ඉන් ද සෑහීමකට පත් නොවී කණ්ඩායමේ සමස්ථ පරිපාලනයම තමන්ට නතු කරගැනීමට සූදානම් වීම නම් බරපතල තත්ත්වයක් බව එම ආරංචි මාර්ග කියයි.

පොලිසියේ යකා නැටු ඇමති චාමරට මොකක් වෙයිද.. යළිත් විමර්ශනයට නිර්දේශයක්..

පොලිසියේ යකා නැටු ඇමති චාමරට මොකක් වෙයිද.. යළිත් විමර්ශනයට නිර්දේශයක්..

ඔහු දැනටමත් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස තිලකරත්න ඩිල්ෂාන් පත්කිරීමට යෝජනා කර ඇතැයි දැනගන්නට ඇත. තමන්ට අවශ්‍ය පුද්ගලයින් අවශ්‍ය ස්ථානවලට පත් කිරීමට බලතල ප්‍රමාණයක් ද ඔහු විසින් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මේ වනවිට උපුල් තරංග තේරීම් කමිටුවේ සභාපති වී සිටින්නේත් සනත් ජයසූරියගේ අවශ්‍යතාවය මත බව පසුගිය වකවානුවේ අනාවරණය වී තිබිණි.

අපි කවුරුත් ආදරය කරන ප්‍රසිද්ධ නළුවකු වෙඩි වැදීමෙන් රෝහලට ..

අපි කවුරුත් ආදරය කරන ප්‍රසිද්ධ නළුවකු වෙඩි වැදීමෙන් රෝහලට ..

ජාතික කණ්ඩායම තුළ ප්‍රබෝධයක්, ආත්ම විශ්වාසයක් සහ විනයක් සහිත වටපිටාවක් ඇතිකර ජයග්‍රාහී මාවතකට කණ්ඩායම යොමු කිරීම නිසා ඇතිවූ ප්‍රසාදය සහ විශ්වාසය අවභාවිතා කරමින් ක්‍රිකට් කළමනාකරණයේ සමස්ථ බලය තමන් වෙත ගොනු කරගැනීම සඳහා ක්‍රියාත්මක කරන සනත් ජයසූරියගේ බල මෙහෙයුම බොහෝ දෙනාගේ ගර්හාවට ලක් වෙමින් ඇති බවත් මේ සියලුම දෙනා මෙතෙක් ඔහු සම්බන්ධව ප්‍රසාදයෙන් යුතුව කතා කළ පුද්ගලයින් බවත් ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ඔවුන් පවසන්නේ සනත් ජයසූරියගේ චරිත ස්වරූපයම මෙය බැවින් ඔහු කළමනාකරණය කළ යුත්තේ අදාල ස්ථානයේ තබාගෙන බවය.