සම්පත් මනම්පේරි දින 7ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී ඇතැයි වාර්තා වේ.
පසුව වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය නියෝග කර ඇත්තේ අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කරන ලෙසයි.
ඔහු අධිකරණයට භාර වන බවට, ඔහුගේ නීතිඥවරුන් විසින් පසුගිය 15 වන දා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණේ ඔවුන් විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම දැනුම් දීමෙන් දින දෙකකට පසුව ඔහු මෙලෙස අධිකරණයට ඉදිරිපත් වී ඇත.
එමෙන්ම මෙම චෝදනා එල්ල වීමත් සමග සම්පත් මනම්පේරි මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෑතකදී පියවර ගෙන තිබිණි.