මේ අයගෙන් සමන්තභද්‍ර හිමි මිලියන 500ක් වන්දි ඉල්ලයි - හේතුව මෙන්න

Report

පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලකසිරි සහ පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව එන්තරවාසි ඉදිරිපත් කර ඇත.

ඒ අන්තර්ජාලය හරහා යූ ටියුබ් සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කර බෙදාහරින ලද වැඩසටහනකින් තමන්ට සෘජුවම අපහාසයක් වී ඇති බැවින් ඒ සඳහා වෙන් වෙන් වශයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලමින්.

අඳාළ එන්තරවාසිය ලැබී දින 14ක් ඇතුළත අදාළ මුදල ගෙවා නිම කිරීමට අපොහාසත් වුවහොත් එම මුදල ගෙවා නිම කරන තෙක් එකී මුදල මත වන නෛතික පොලියත් නඩු ගාස්තුත් අයකර ගැනීමට නඩු පවරන බවට ද දක්වා එම එන්තරවාසිය ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අංක 02, බෙල්ලන්තර පාර, දෙහිවල ලිපිනයෙහි වැඩවසන පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමියන්ගේ උපදෙස් පරිදි නිතීඥ ටෙනීෂා විදානපතිරණ මඟින් ඉකුත් දෙසැම්බර් මස 18 සහ 24 යන දිනයන්වලින් මෙම එන්තරවාසි දෙක යොමු කර ඇත.

වරාය ලොක්කෙක් බිමල්ට විරුද්ධව නඩු මඟට

වරාය ලොක්කෙක් බිමල්ට විරුද්ධව නඩු මඟට

ඒ අංක 1102, ටවර් බී, රෝයල් පාක් කොන්ඩොමීනියම්, ලේක් ඩ්‍රයිව්, රාජගිරිය ලිපිනයෙහි සුදත්ත තිලකසිරි සහ දෙව්රම් වෙහෙර, ශ්‍රාවස්තිපුර, අනුරාධපුරය ලිපිනැති පූජ්‍ය රාජංගනයේ සද්ධාරතන හිමියන් වෙතයි.

පසුගිය දෙසැම්බර් මස 07 හෝ ඊට ආසන්න දිනයකදී ඉහත සඳහන් දෙදෙනා තම සේවාදායක ස්වාමින්වහන්සේ කෙරෙහි ද්වේෂසහගත ප්‍රකාශ ප්‍රසිද්ධ කරන ලද වැඩසටහන් ප්‍රචාරය කර ඇති බවට නිතීඥවරිය සිය එන්තරවාසි‍යේ දක්වා ඇත.

එමෙන්ම මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැර ඇති අදාළ ප්‍රකාශයේ සිය සේවාදායක හිමියන්ට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබා දී තිබූ තීන්දුවක් නිර්දය ආකාරයට විවේචනය කර ඇති බවත් එහි සඳහන්.

චනිත්මාට සම්මානේ දුන්නේ නැත්තේ පෙරහුරුවට ආවේ නැති නිසා නෙවෙයි - අමාත්‍යාංශයට සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි

චනිත්මාට සම්මානේ දුන්නේ නැත්තේ පෙරහුරුවට ආවේ නැති නිසා නෙවෙයි - අමාත්‍යාංශයට සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි

එබැවින් 2024 අංක 8 දරණ අධිකරණයට අපහාස කිරීමේ නීතිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ වරද මත ඔවුන්ට එරෙහිව ඉදිරි පියවර ගන්නා බවට එම එන්තරවාසියෙන් දක්වා ඇත.

තවද අඳාළ වැඩසටහනේ ඇති කරුණු සමස්තයක් ලෙස සහ වෙන් වෙන්වද මුළුමනින්ම අසත්‍ය සහ ද්වේෂ්සහගත වන බවත් මාගේ සේවාදායක විසින් දශක කිහිපයත් තිස්සේ බෞද්ධ භික්ෂුවක් ලෙසද විචිත්‍ර ධර්ම කථිකයකු ලෙසද ග්‍රන්ථ කතුවරයෙකු ලෙසද සමාජ සේවකයකු ලෙස සහ සමාජයට ආදර්ශයක් ගෙනදෙන මාර්ගෝපදේශකයකු ලෙස උපයාගෙන තිබූ හොඳ නම, කීර්තිය සහ ගෞරවය විනාශ කිරීමේ ද්වේශ සහගත චේතනාවෙන් ඍජු ලෙස හෝ වක්‍ර ලෙස මාගේ සේවාදායක ස්වාමීන්වහන්සේ කෙරෙහි අපහාසාත්මක ප්‍රකාශ කළ බවත් මාගේ සේවාදායක මා වෙත උපදෙස් ලබා දී තිබෙන බව නිතීඥවරිය සිය එන්තරවාසිය මඟින් පෙන්වා දී ඇත.

වැලිගම ප්‍රා. සභාවේ හිටපු සභාපති ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

වැලිගම ප්‍රා. සභාවේ හිටපු සභාපති ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට