වරාය ලොක්කෙක් බිමල්ට විරුද්ධව නඩු මඟට

Report

 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් තමන්ව ඉවත් කිරීමට විෂයභාර අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රභාත් මලවිගේ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දී ඇත.

ඒ අනුව අඳාළ ඉවත් කිරීමේ නියෝගය බල රහිත කරන මෙන් ඉල්ලා ගොනුකළ මෙම පෙත්සම සලකා බැලූ අධිකරණය, එහි වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට ද පියවර ගෙන ඇත. මෙහිදී කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මඟින් වරාය අධිකාරිය වෙත යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව නියම වී ඇත්තේ ප්‍රභාත් මලවිගේ මහතා මීට පෙර දැරූ "අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (මෙහෙයුම්)" තනතුරෙහි වර්තමානයේ පුරප්පාඩුවක් පවතින්නේද යන්න විමසා බලා, එහි ඔහු යළි පිහිටුවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධිකරණයට දන්වන ලෙසයි.

පොලිස්පතිවරයාට ලැජ්ජා නැද්ද? නාමල්ගෙන් පොලිස්පතිට බරපතළ චෝදනාවක්

පොලිස්පතිවරයාට ලැජ්ජා නැද්ද? නාමල්ගෙන් පොලිස්පතිට බරපතළ චෝදනාවක්

එමෙන්ම මෙම නඩු විභාගය අවසන් වන තෙක්, දැනට කළමනාකාර අධ්‍යක්ෂ ධුරයේ සිටින ගනක හේමචන්ද්‍ර මහතා ඔහුගේ පෙර තනතුරේම රඳවා තබා, කළමනාකාර අධ්‍යක්ෂ ධුරය සඳහා වැඩබලන නිලධාරියෙකු පත් කිරීම කෙරෙහි අමාත්‍යවරයාගේ එකඟතාව විමසන ලෙස ද දැනුම් දී ඇත.

ඒ අතර අතිරේක සොලිසිටර් ජනරාල් වෙත උපදෙස් දෙමින් විනිසුරු මඩුල්ල, වරාය අධිකාරියේ උපදෙස් ලබාගෙන මෙම යෝජනා සම්බන්ධයෙන් වන ස්ථාවරය එළඹෙන ජනවාරි මස 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකාව තුළ දරුණු ප්‍රහාරයක්? ඉලක්ක ගත ප්‍රහාරයක් ගැන සැකයක්

ශ්‍රී ලංකාව තුළ දරුණු ප්‍රහාරයක්? ඉලක්ක ගත ප්‍රහාරයක් ගැන සැකයක්

චනිත්මාට සම්මානේ දුන්නේ නැත්තේ පෙරහුරුවට ආවේ නැති නිසා නෙවෙයි - අමාත්‍යාංශයට සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි

චනිත්මාට සම්මානේ දුන්නේ නැත්තේ පෙරහුරුවට ආවේ නැති නිසා නෙවෙයි - අමාත්‍යාංශයට සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි