විශ්වාසය භංග වීමෙන් පසු සමගි ජන බලවේගය ගත් තීරණය මෙන්න.

Udaya gammanpila Samagi janabalawegaya Sajith peemadasa
By Aruna Jul 21, 2021 03:13 AM GMT
Report

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කළ මැති ඇමතිවරුන්ගේ මැතිවරණ කොට්ඨාස වෙත ගොස් ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, ඉන්ධන මිල ඉහළ දමා ජනතාව පීඩාවට පත්කර ඇති පසුබිමක අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන අද (21) සිට ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවය.

මේ අතර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පවසා සිටියේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම මත විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ආණ්ඩුව සමත් වු බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ, විශ්වාසභංගය පරාජය කිරීම සඳහා සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් මුදලට ගැනීමට රජය කටයුතු කර ඇති බවය.

කෙසේවුවද අභ්‍යන්තර ගැටලු තිබුණද පවතින තත්ත්වය තුළ ආණ්ඩුව දුර්වල කිරීමට විපක්ෂයට කිසිදු අවස්ථාවක් ලබානොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now