රාජ්‍ය සේවක වැටුපට පැෆ්රල් තඩි බාල්දියක් පෙරලයි.

By Wayomi Sep 04, 2024 05:02 AM GMT
Report

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට තිබියදී රාජ්‍ය නිලධාරීන්ට ලබන වසරේ ජනවාරි සිට වැටුප් වැඩි කිරීමට තුළින් එය මැතිවරණයට බලපෑමක් ලෙසට දැක්විය හැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේ ආණ්ඩුව සිදු කර තිබෙන මෙම වැටුප් වැඩි කිරීම රාජය සේවකයන්ට සිදු කරන අනියම් බලපෑමක් ලෙස හැඟී යන බැවින් ඒ පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන ලෙසයි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.


එබැවින් තැපැල් ඡන්ද ඉලක්ක කර සිදු කර තිබෙන වැටුප් වැඩි කිරීම මෙන්ම බදු ගාස්තු අඩු කිරීම පිළිබඳව පැෆ්රල් සංවිධානයේ අවධානය යොමුව ඇති අතර රජයේ නිලධාරීන් පසුගිය මාස දෙකහමාර තුළ රුපියල් 10000ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටියද රජය එක හෙලා ප්‍රතික්ෂේප කර දැමූ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වැටුප් වැඩිවීමක් කොහෙත්ම සිදුකළ නොහැකි අසීරු දෙයක් බවය.

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)


මෙම වැටුප් වැඩිවීම රුපියල් 5000 සිට 50000 දක්වා පරතරයක පවතින අතර එහි සාමාන්‍ය රුපියල් 15000ක් ලෙසට සැලකුවහොත් ලක්ෂ 14ක් වන රජයේ සේවකයින් වෙනුවෙන් එකී මසකට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වන අතර එය මැතිවරණ දෙකක් පැවැත්වීමට තරම් සෑහෙන මුදලක්ය.

ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි වැටුප් වැඩි කිරීමක් විමතියට හේතුවක් සේම, බදු ගාස්තු අඩු කිරීම නිසා අහිමිවන ආදායම උපයාගන්නා ආකාරයද විමතියට හේතුවක් බව පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කල ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ දැමීමට අනුමැතිය හිමිවෙයි. - විශ්‍රාමිකයන්ටත් ලැබෙන දේ මෙන්න.

ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ දැමීමට අනුමැතිය හිමිවෙයි. - විශ්‍රාමිකයන්ටත් ලැබෙන දේ මෙන්න.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.