සජිත් ප්‍රේමදාසට සහ බිරිඳට කොරෝනා.

Covid Corona Sajith premadasa Samagi Jana balawegaya
By Aruna May 23, 2021 08:06 AM GMT
Report

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මේ අතර අලුත්ගම ,දර්ගා නගරයේ එස් .එම්. මාර්ගය ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් (22)දින පස්වරුවේ ,ලංකාව පුරා ක්‍රියාත්මක සංචරණ සීමා පනවා තිබියදී නිරෝධායන නීතියට පටහැනිව ගම් වාසින් පිරිසක් රැස් කර මාර්ගයක් පිළිසකර කිරීමේ ශ්‍රමදානයක නිරත වී සිටින බවට ලද තොරතුරක් මත අලුත්ගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එම පිරිසට දැඩි අවවාද කර විසුරුවා හැර ඇති බව කියයි .

පොලිස් කණ්ඩායම එම ස්ථානයට යන විටත් රැස්ව සිටි පිරිසේ ඇතැම් පුද්ගලයන් මුව ආවරණ පවා නොමැතිව ඉදල් , සවල් වැනි උපකරණ අතැතිව සෞඛ්‍ය නීති සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර සිටි බව එම නිලධාරින් කියයි .

එම ස්ථානයට රැස්වී සිටි . විවිධ වයස්වල පිරිස් අතර බේරුවල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුද එම ස්ථානයේ සිට ඇති අතර එම මන්ත්‍රීවරයා ඇතුළු පිරිස් එම මාර්ගය අවහිර කර සිදු කරන ලදැයි කියන ශ්‍රමදානය ට එක්වූ පිරිස , පැමිණි පොලිස් කණ්ඩායම් දෙකක් විසින් විසුරුවා හැර මෙම ශ්‍රමදානය සඳහා භාවිතා කළ උපකරණ පොලිස් භාරයට ගෙන ඇති බව කියයි .

පොලිසිය සඳහන් කළේ පෙරදින පොලිස් බල ප්‍රදේශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි ජංගම ත්‍රීරෝද රථ ප්‍රචාරක සේවයක් මගින් දමිළ හා සිංහල බසින් රට පුරා ක්‍රියාත්මක සංචරණ සීමා සහ නිරෝධායන නීති පිළිබදව පූර්ව ප්‍රචාරයක් සිදුකර ජනතාවට නිවෙස් තුළම රැඳී සිටින්න යි දැනුවත් කර තිබියදී මෙලෙස සෞඛ්‍ය නිතී උල්ලංඝන කරමින් මෙම පිරිසඑක්රැස් ඇති බවයි .

සංචරණ හා සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් සිදු කර තිබෙන මෙම ශ්‍රමදානය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ මහජන ආරක්ෂක කමිටු නියෝජිතයකු මේ බව පොලිසියට දන්වා ඇතැයි කියන සිද්ධියක් මුල් කරගෙන ඔහුට ද කළ තර්ජනයක් සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් කියයි .

කළුතර දිස්ත්‍රික්කය බාර නියෝජ්‍ය පොලිස්පති දම්මික පියන්ත , කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත අලූත්ගම පොලිසියේ ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....   
Join now